FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ රජය විසින් පිරිනමන ඉහළම සම්මානය හිටපු ජනපතිනියට..

 

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රංශ රජය විසින් පිරිනමන ලද සම්මානයකට පාත්‍ර වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අනුව ප්‍රංශ රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනිය සමත්ව ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මෙම ගෞරව සම්මානය සහ ඊට අදාළ පදක්කම පිරිනමා ඇත්තේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මරන් ෂූ විසින් තානාපති නිල නිවසේදීයි.
කුමාරතුංග මහත්මිය ප්‍රංශයේ කීර්තිමත් ‘පැරිස්’ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආයතනයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් හිමි කරගෙන ඇති අතර එම විශ්ව විද්‍යාලයේම උසස් අධ්‍යාපනය සඳහා වූ ප්‍රායෝගික පාසලෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත.