බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය විශීෂ්ට ජයක් ලබයි..

බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය විශීෂ්ට ජයක් ලබයි..

ආසියානු ක්‍රිකට් තරගාවලියේ සයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තානය අතර අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (20) පැවති තරගය ලකුණු 136 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 255 ක් රැස්කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42 යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.
ඇෆ්ගනිස්තානය – (50 ) 7 /255
(මොහොමඞ් ශාසාඞ් 37, හෂ්මතුල්ලා ශහිඩි 58, ගුල්බදින් නයිබ් නොදැවී 42, රෂීඞ් ඛාන් නොදැවී 57, සකීබ් අල් හසන් 42/4, අබු හයිඩර් 50/2)
බංග්ලාදේශය – (42.1) 10/119
(සකීබ් අල් හසන් 32, මහමුදුල්ලා 27, මොසැඩෙක් හුසේන් 26, රෂීඞ් ඛාන් 13/2, මුජීබ් උර් රහ්මන් 22/2, ගුල්බදීන් නයිබ් 30/2)