ටැන්සානියාවේ මගී නෞකාවක් පෙරළීමෙන් 40ක් මරුට..

ටැන්සානියාවේ මගී නෞකාවක් පෙරළීමෙන් 40ක් මරුට..

අප්‍රි‍කානු රාජ්‍යයක් වන ටැන්සානියාවේ, වික්ටෝරියා ඇළේ යාත‍්‍රා කරමින් තිබූ මගී ප‍්‍රවාහන නෞකාවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එම අවස්ථාවේදී නෞකාව තුළ පුද්ගලයින් 400 කට අධික පිරිසක් සිටින්නට ඇති බවත් මියගිය සංඛ්‍යාව 200 ඉක්මවිය හැකි බවත් සදහන් වේ.
දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් 100 ක් පමණ සහන සේවා කණ්ඩායම් විසින් බේරා ගැනුනද ඔවුන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතල බවත් අනතුරට පත් නෞකාව මගීන් 100 දෙනෙකු පමණ ප‍්‍රවාහනය කළ හැකි නෞකාවක් බවත් එරට බළධාරීන් පවසා සිටියි.
නෞකාවේ ගමන් ගත් පුද්ගලයින්ගේ අනන්‍යතාව සොයා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.