FAST NEWS

24×7 Around the Globe

දිවයිනට පැමීණි මාලිංගගෙන් හා සුරංගගෙන් මාධ්‍යට සංවේදි කතාවක්..

ආසියානු කුසලානයේදී කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව දුක්වන බවත් ඉක්මනට වැරදි හදාගෙන ඉදිරියට ගමන් කළ යුතු බවත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ආසියානු කුසලානයේ පළමු වටයෙන්ම ඉවත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (19) පස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත පැවසීය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු මාලිංග
“දුකයි (පරාජය) . දුරහිතනවාට වඩා මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා පරජය වුණා කියලා. පුළුවන් තරම් ඉක්මනට වැරදි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රිකට්වල ඉදිරි ගමනට හොඳ”
මෙහිදී අදහස් දැක්වූ සුරංග ලක්මාල් ..
“කණ්ඩායමක් ලෙස අපි හොඳින් ක්‍රීඩා කළා. හැමදේම ඉදිරියට ඒන්නේ පරාජය වුණාම. තරගාවලිය ජයග්‍රහණය කළානම් ඔය කිසිම දෙයක් එළියට පේන්නෙත් නෑ. කිසිම කෙනෙක් කිසිම දෙයක් කියන්නෙත් නෑ. ඕනම කණ්ඩායමකට ඕනම අවස්ථාවක මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. එක තරගාවලියක් අසාර්ථක වෙනවා කියලා දිගටම අසාර්ථක වෙනවා කියන එක නෙමෙයි. අපි රටක් විදිහට තේරුම් ගත යුත්තේ.” යැයි ඔහු පැවැසීය.