FAST NEWS

24×7 Around the Globe

තමා කලින් සමුගත් හේතුව හා රාජ්‍ය නායකගේ මැදිහත් විම අවශ්‍ය තැන ඩිල්ෂාන් කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම ගැටලුවක් බවත් තමා වෙලාස්සනින් ක්‍රීඩාවෙන් පැමීණ ප්‍රශ්න නිසා බවත් ,අද (19) පෙරවරුවේ ප‍්‍රචාරය වූ ලක් එෆ් එම් සෝදිසි වැඩසටහනට සජීවි ලෙස සම්බන්ධවෙමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් ප්‍රකාශ කර තිබේ.
දිල්ෂාන්ගේ ප්‍රකාශය..
“ගැටලුවක් ඇයි මෙච්චර පසුබෑමකට ගියේ කියලා,කවදාවත් හිතුවේ නෑ මෙච්චර පසුබෑමකට යයි කියලා.නැත්තම් අනිවාර්යෙන් මෙච්චර වේලාස්සනින් මමත් ඉතින් ක්‍රීඩාවෙන් අයින් වෙන්නේ නෑ,මටත් ප්‍රශ්න අවා ඉතිං ක්‍රීඩාවෙන් සමුගත්තේ,නැත්තම් මමත් 2019 ලෝක කුසලානය වෙනකන් ක්‍රීඩා කරන්න තමා මගේ බලාපොරොත්තුව තිබ්බේ”
“ඉතින් මම හිතන්නේ මෙ ක්‍රීඩකයන්ට මොකක්හරි ප්‍රශ්නයක් තියනවනම් කවුරු හරි මැදිහත් විය යුතුයි අනිවාර්යෙන්ම,දැන්නම් අපේ රාජ්‍ය නායකයා හරි මැදිහත් වෙලා හරි ඉක්මණින්ම නිවැරදි කර ගන්න වෙනවා මොකද අපිට මාස ගාණයි තියෙන්නේ ලෝක කුසලානයට,ඉතින් පෞද්ගලිකව හිටපු නායකයෙක් හැටියට අපිටත් කණගාටුයි “