ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කරන සමාජජාලාවාසීන්ට මහේලගෙන් සැර අවවාදයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කරන සමාජජාලාවාසීන්ට මහේලගෙන් සැර අවවාදයක්..

ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විහිළු සහ විවේචන සහිත ප්‍රකාශයන් සමාජ ජාලා වල දක්නට ලැබෙන බවත් ඔවුන් දුර්වල ලෙස ක්‍රීඩා කළ නමුත් එවා පෞද්ගලිකව නොගත යුතු බවද, එය ක්‍රීඩාව වන බවත් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
එසේම විසදුම් සඳහා වැඩිදුර සොයා බැලිම සිදු කළ යුතු බවත් එය ඉදිරියට යන මාර්ගය බවත් ඔහු පෙන්වා දි තිබේ.
පසුගියදා ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය පත් විමෙන් අනතුරුව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදු වු අතර එ පිළිබඳව සමාජ ජාලා තුල දැඩි විවේචන පුද්ගලයින් හා කණ්ඩායම වශයෙන් ඉලක්ක කර ප්‍රකාශ වී තිබුණී.