සුරංගගේ පන්දුවෙන් අාබාධයට ලක්වු තමීම් ගෙන් සංවේදි ප්‍රකාශයක්..

සුරංගගේ පන්දුවෙන් අාබාධයට ලක්වු තමීම් ගෙන් සංවේදි ප්‍රකාශයක්..

අසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව සමග පසුගිය 15 වැනිදා පැවති තරගයේදි, සුරංග ලක්මාල් යැවු පන්දුවක් වැදිමේන් සිය දකුණූ අතේ අාබාධයකට ලක්වු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තම්ම් ඉක්බාල්ව සැත්කමකට භාජනය කළ යුතුද යන්න ඉදිරි සතිය ඇතුළත තීරණය වනු ඇති බව වාර්තා වේ.
එංගලන්තයෙන් ලැබුණූ වෛද්‍ය උපදෙස් මත ප්‍රකාශ වී ඇත්තේ ඉදිරි සතිය තුළ එක්ස්රේ පරීක්ෂණයක් සිදු කර, එහි තත්වය විමර්ශනය කර පසුව සැත්කමක් කළ යුතුද යන්න තීරණය කර දැනුම් දෙන බව තමීම් ඩුබායිහි සිට සිය මව්රට බලා නැවතත් පැමීණ අවස්ථාවේ මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ කර ඇත.
මෙම අාබාධ තත්වය හේතුවෙන් ඔහුට අසියානු කුසලාන තරගාවලිය අහිමී වු අතර, සැත්කමකට බඳුන් වුවහොත් ඉදිරි ඔක්තොම්බර් 21 වැනිදා ආරම්භ විමට නියමීත සිම්බාබ්වේ තරගවලිය අහිමී වනු ඇති බවද හෙතෙම මෙහිදි ප්‍රකාශ කර තිබේ.
එහිදි වැඩි දුරටත් අදහස් දක්වා ඇති තමීම් ඉක්බාල්..
“අවංකව කතා කරන්නේ, මම පුද්ගලිකව තියාගෙන හිටියා ලොකු බලාපොරොත්තු අසියානු කුසලානය ගැන.නමුත් තරගාවලිය අතර මැදදි මට නැවත මව්රටට එන්න සිදුවුණා,මම ගොඩක් කළ කිරිමෙන් ඉන්නේ,මට බෑ මෙ අබාධ තත්වය පාලනය කර ගන්.නමුත් මම බලාපොරොත්තු වෙනවා ඉක්මණින්ම යළි පිටියට එන්න “