FAST NEWS

24×7 Around the Globe

මියන්මාරයට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පරීක්ෂණයක්..

මියන්මාරයට එරෙහිව රෝහින්යා සරණාගතයින් විශාල පිරිසක් ඝාතනය කිරීම හා ලක්ෂ 07ක පමණ පිරිසක් අවතැන්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාර හමුදාවට එල්ල වී ඇති මූලික අයිතිවාසිකම් කඩවීම්, ඝාතනය කිරීම් හා ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කිරීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීතී සම්පාදක ෆැටෝ බෙන්සෝවුඩා පවසා ඇත.
පසුගිය මාසයේදී මියන්මාර හමුදාව විසින් ජන සංහාරයක් සිදුකළ බව පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කළ වාර්තාවක් මියන්මාර රජය විසින් ප්‍රතික්ෂේප කළේය.