FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයන් 14 ක් රැගත් රුසියානු යුද යානයක් සිරියාවේදී අතුරුදන්..

පුද්ගලයන් 14 දෙනෙකු රැගත් රුසියානු යුද ගුවන් යානයක් ඊයේ (17) ඉහළ අහසේ ගමන් කරමින් තිබියදී රේඩාර් තීරයෙන් අතුරුදන් වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
මෙම ගුවන් යානය මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ අතුරුදන් වන්නට ඇතැයි විශ්වාස කරන බවත් සිරියානු වෙරළට කිලෝමීටර් 35 ක් පමණ නුදුරෙන් යානය අතුරුදන් වී ඇත්තේ සිරියාවේ ලටාකියා ප්‍රාන්තයේ රුසියානු ගුවන් කදවුර වෙත නැවත පැමිණෙමින් සිටියදී බවත් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
රුසියාව ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඉල්ලීමකට අනුව 2015 වසරේ සිට සිරියාවේ ප්‍රහාරක මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටියි.
එම අවස්ථාවේදී ඊශ්‍රායල එෆ්.16 වර්ගයේ ප්‍රහාරක යානා 04 ක් ඒ ආසන්නයේ දක්නට ලැබී ඇති අතර, ප්‍රංශ යුද නෞකාවකින් මිසයිල ප්‍රහාරයක් ද නිකුත් වී ඇති බව වාර්තා වෙයි.