FAST NEWS

24×7 Around the Globe

පොල්තෙල් වලට ලේබල් අනිවාර්ය වෙයි..

පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව තෙල් වර්ග අලෙවි කිරීමේදී වෙළඳුන් විසින් අදාල බහාලුමෙහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, පරිමාව, මිල සහ නිෂ්පාදකයාගේ නම මෙන්ම ලිපිනය ද මුද්‍රණය කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පොල් තෙල් අවිධිමත් ලෙස සහ අපිරිසිදු අන්දමින් පාරිභෝගිකයා නොමඟ යවන ලෙස ගබඩා කිරීම නිසා අදාළ තීරණය ගනු ලැබූ බවද එම අධිකාරීය පවසයි.