FAST NEWS

24×7 Around the Globe

නයිජීරියාවේ දකුණු ප්‍රදේශයට හටගත් අධික ගංවතුරින් 100 ක් මරුට..

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් නයිජීරියාවේ දකුණු දිග ප්‍රදේශයට අධික ගංවතුර තත්ත්වයක් හටගෙන ඇත.
මේ හේතුවෙන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති අතර දහස් ගනන් ජනයා තම නිවාස අහිමිව අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාව හේතුවෙන් නයිජර් හා බෙනූයි ගංගා පිටාර ගැලීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇත.
බොහෝ ප්‍රදේශ වලට සති 02 ක පමණ කාලයක් තිස්සේ ගංවතුර පවතින බවත් එරට බලධාරීහු පවසති.
වර්ෂාව තවදුරටත් පවතින හෙයින් ඉදිරි දින කිහිපයෙ මීට වඩා අවදානම් වියහැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.