FAST NEWS

24×7 Around the Globe

කළුතර නළ ජලයට මුහුදු ජලය එකතු වෙයි..

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක නළ ජලයට ලුණු මිශ්‍ර ජලය එකතුවීම හේතුවෙන් බවුසර් 12 යොදාගෙන ජනතාවට නොමිලේ ජලය ලබාදෙන බව කළුතර ජලසම්පාදන ප්‍රාදේශිකයේ කළමනාකරු එල්.සී. සමරනායක මහතා සඳහන් කළේය.
එම ප්‍රදේශවල ජල ටැංකි 300 ක් තාවකාලිකව ස්ථාපිත කර ඇති අතර ඒ අනුව දිනකට ජලය ලීටර ලක්ෂ දෙකහමාරක් බෙදාහැරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
කළුගගේ ජලයට මුහුදු ජලය එකතු වීම නිසා නළ ජලයට මුහුදු වතුර මිශ්‍රවී ඇත.
මේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක පවුල් 42527 කට අයත් පුද්ගලයන් 208139 ක් පීඩාවට පත්ව තිබේ.