FAST NEWS

24×7 Around the Globe

තරගය ජයගත් හැටි හා ගෞරවය ගැන වීරයා වු මුෂ්පිකර් රහිම් කියයි..

තරගයේ ගෞරවය හිමීවිය යුත්තේ මොහොමඩ් මිතුන්ට බව ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදි බංග්ලාදේශය වෙනුවෙන් ලකුණූ 144 ක් රැස් කළ මුෂ්පිකර් රහිම් තරගයේ වීරයා සම්මානය ලබමීන් ප්‍රකාශ කළේය.
මෙහිදි ඔහුට හොද සහායක් ලබා දෙමීන් මොහොමඩ් මීතුන් ලකුණු 63 ක් රැස් කළේය.
තරගයේ වීරයා සම්මානය ලබමීන් රහිම් දැක්වු අදහස්..
සර්වබලධාරී අල්ලාට ස්තුතියි,පළමු තරගය දිනා ගැනිමට බොහොම වැදගත්,ක්‍රීඩකයින්ටත් බොහොම වැදගත්,අපට අවශ්‍යය ආරම්භය ලැබුණේ නෑ,ගෞරවය හිමීවිය යුත්තේ මොහොමඩ් මීතුන්ට,මෝකද පීඩනය ලැබුණූ වේලාවේ ඔහු ලගින් හිටියා,එ නිසා මට අවස්ථාවක් ලැබුණා හොදින් ක්‍රීඩා කරන්න..තමීම් ඉක්බාල් ඉවත් වුනාම එ වගකිම මට පැවරුණා,ඉතින් ඔහු වෙනුවෙන් සහ රට වෙනුවෙන් මම දෙයක් කරන්න ඔනා කියලා හිතුවා…මම මගේ උපරිමයෙන් කලා උණුසුම් බව කඩුළු අතර ධාවනයට බාධාවක් වුනා..මුලින් අමාරු වුනත් අපිට පුලුවන් වුනා ලොකු ඉනිමකට යන්න..