FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සමුළුවට සහභාගි වීමට සිවාජිලිංගම්ට වීසා නොලැබෙයි..

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හට හයිද්‍රබාද් නුවර පැවැත්වෙන සමුළුවක්‌ සඳහා සහභාගි වීමට වීසා ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත.
දෙමළ පළාත් පාලන නියෝජිතයන් සඳහා මෙම සමුළුව පැවැත්වෙන අතර සිවාජිලිංගම් මහතා හට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය විසින්ය.
හයිද්‍රබාද්හි පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා සෙසු මන්ත්‍රීවරුන් 18 දෙනකු ඉන්දියාව බලා ගොස්‌ ඇත.