FAST NEWS

24×7 Around the Globe

මැන්කුට් සුළි කුණාටුවෙන් චීනය කැළඹෙයි..

මේ වනවිට දකුණු චීනයට ඇතුල් වී ඇති මැන්කුට් දරුණු කුණාටුවෙන් දෙදෙනෙකු මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
ලක්ෂ 20 කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැයට කිලෝමීටර 162 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දකුණු චීනයේ ගුවන් ගමන් ඇතුලු ගමනාගමන කටයුතු අඩාල වී ඇත.
මැන්කුට් කුණාටුව හේතුවෙන් පිලිපීනයේ ද 64 දෙනෙකුට තම ජීවිත අහිමි විය.