FAST NEWS

24×7 Around the Globe

එජප මන්ත්‍රී කණ්ඩායමක් අයවැයට විරුද්ධව ඡන්දය දීමට යයි..

එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන 2019 අයවැය ජන්ද විමසීමේදී ඊට එරෙහිව ජන්දය භාවිත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම එජාප මන්ත්‍රීවරුන් මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සමග දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇති බවද එම මන්ත්‍රී කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.
එසේම ඉදිරි සතිය තුළ මේ පිළිබඳ තවත් තීරණාත්මක සාකච්ජා වටයක්ද පැවැත්වීමට නියමිත බවද ,මෙම මන්ත්‍රීවරුන්, අයවැයට විරුද්ධව ජන්දය දී, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමටද සූදානමක් ඇතැයි විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.