ෆීල්ඩ් මාර්ෂල් ධුරය ෆොන්සේකාට අහිමිවන ලකුණු..

ෆීල්ඩ් මාර්ෂල් ධුරය ෆොන්සේකාට අහිමිවන ලකුණු..

වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරයා විසින් පසුගිය කාලයේ ආරක්ෂක අංශ සහ යුද හමුදාපතිවරයාව දැඩි ලෙස විවේචනය කළ අයුරු දක්නට ලැබීය.
ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුව ඇති අතර මේ වනවිටත් ජනාධිපතිවරයා එම තීන්දුව ගැන සිය උපදේශකයන් සමග සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වෙයි.
ඔහු විසින් සිදුකරන ලද විවේචන සම්බන්ධයෙන් හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් විසින් ජනපතිතුමාට ද තම කනස්සල්ල පලකර ඇත.
රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය නැතිනම් කැබිනට් ධූරය යන දෙකින් එකක් අහිමි විය හැකි අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ද සඳහන් කර ඇත.