අසියානු කුසලානය තරගාවලිය යටතේ සිය දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ක්‍රීඩා කිරිමට නියමීත අතර, මෙම තරගය පරාජයට පත් වුහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවනු ඇත.
බංග්ලාදේශය සමග පළමු තරගය පරාජයට පත් විම නිසා ඇෆ්ගනිස්ථානය සමග අද (17) පැවැත්වෙන තරගය පීඩනයක් යටතේ තරග වදින්න සිදුවන බව ශ්‍රී ලංකා සීමීත ඕවර කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත සඳහන් කළේය.
“අපි කණ්ඩායම් රැස්විමේදී කතා කළේ පළමු තරගයේ ජය ඉතාම වැදගත් කියලා. මොකද සජීවීව තරගාවලියේ ඉදිරියට යන්න ඒ ජය අත්යඅවශයයි. දැන් වෙන්නෙ ඇෆ්ගනිස්ථානයටත් පීඩනයක් යටතේ තරග වදින්න. කොහොම වුණත් අපේ සියලූ අංශ යළිත් දුර්වල වුණා. තණතිරුවේ කිසිම ගැටලූවක් නැහැ. ඒ තණතීරුවේදි ලකුණු 260 ක් කියන්නෙ අමාරු ඉලක්කයක් නොවේ. පිතිකරුවන් දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වුණා. පන්දු රකින්නන් යළි අසාර්ථක වුණා.”
පෙර තරගයේදි ක්‍රීඩකයන් දැක්වු දුර්වල ක්රීඩාවිලාසය හදා ගැනීමට කාලයක් නැති බවත් ඉක්මනින් වැරදි ඉගෙන ගෙන ඇෆ්ගනිස්ථාන තරගය ජය ගත යුතුම බවද හෙතෙම අවධාරණය කර සිටියි.
“අපිට බංග්ලාදේශ තරගයෙන් පසුව එක දවසක් තිබුනා වැරදි කතා කරලා පුහුණුවීම් කරන්න. අද (17) අබුඩාබි ගිහින් තරගයට ක්‍රීඩා කරන්න තියෙනවා. ඒ නිසා කාර්ය බහුල තරග රටාවක් තියෙන්නෙ. තරගයට එන්න ඉස්සල්ලා අපේ පන්දු රැකීම සම්බන්ධයෙන් කතා කළා. එතනදි සමහර ක්‍රීඩකයන් ගැන විශ්වාසය තිබ්බත් වැඩක් වුණේ නැහැ.”
“අද තරගයේදී වෙනස්කම් කිහිපයක් සිදුවෙන්න පුළුවන්. නමුත් ඒ ගැන කල්වේලා ඇතිව කියන්න අමාරුයි.සියලූ දේ සාකච්ඡා කරලා මේ තරගයට අවශ්‍ය හොඳම සංයුතිය සකස් කළ යුතුයි. අකිල ධනංජයත් ඊයේ කණ්ඩායමට එකතු වුණා.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.