FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයයට ලකුණු 137 ක ජයක්..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15) පැවැති තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 137 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය

 

++++++++++++[updaye]

ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක්..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී අද (15 ) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261 ක් ලබාගත්තේය.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 262 ක් ලබා ගත යුතුය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකර් රහිම් ලකුණු 144 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 04 ක් දවා ගත්තේය.