අද (15) තරගයට එන ශ්‍රී ලංකා හා බංග්ලාදේශ අවසන් 11 දෙනා මෙන්න..

අද (15) තරගයට එන ශ්‍රී ලංකා හා බංග්ලාදේශ අවසන් 11 දෙනා මෙන්න..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
ඒ අනුව ඩුබායි වේලාවෙන් පස්වරු 3.30 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතය.
අද (15) පැවැත්වෙන තරගයේදි ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග මගින් පැවසෙන බව ක්‍රීක් ඉන්ෆෝ වෙබි අඩවිය විසින් වාර්තා කර තිබේ.
එසේම අකිල ධනංජය වෙනුවෙන් දඟ පන්දු යැවිමේ වගකිම වෙනුවෙන් දිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක්වනු ඇති බවටත් එම ආරංචි මාර්ග කියා ඇත.
එසේම ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ෂෙහාන් ජයසුරිය කැඳවු නමුත් නිරෝෂන් දික්වැල්ල ධුන්ෂකගේ ස්ථානය ගනු ඇති බවත් පැවසේ.
එසේම බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස තමිම් ඉක්බාල් සහ ලින්ටන් ඩාස් ක්‍රීඩා කරනු ඇති බවද එම වෙබි අඩෙවිය විසින් වාර්තා කර තිබේ.
එසේම කණ්ඩායම් ආරංචි මාර්ග ඔස්සේ එම වෙබි අඩවිය තරගය සහභාගි විය හැකි කණ්ඩායම් දෙකද නම් කර තිබේ.
එක්විය හැකි කණ්ඩායම..
ශ්‍රී ලංකාව
1නිරෝෂන් දික්වැල්ල, 2 උපුල් තරංග, 3 කුසල් පෙරේරා, 4 කුසල් මෙන්ඩිස්, 5 ඇන්ජලෝ මැතිව්ස් (නායක), 6 ධනංජය ද සිල්වා, 7 තිසර පෙරේරා, 8 දසුන් ශානක, 9 දිල්රුවන් පෙරේරා, 10 සුරංගල ලක්මාල්, 11 ලසිත් මාලිංග
බංග්ලාදේශය
1 තමීම් ඉක්බාල්, 2 ලින්ටන් ඩාස්, 3 ෂකිබ් අල් හසන්, 4 මුෂ්පිකර් රහිම්, 5 මොහමදුල්ලා, 6 මොසිදික් හුසෙන්, 7 මොහොමඩ් මීතුන්, 8 මෂ්රීෆ් මොටාසා (නායක), 9 මෙහිදි හසන් මීරිෂ්, 10රූබිල් හොසෙන්, 11 මුෂ්පිකර් රහමාන්
ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ෂෙහාන් ජයසූරිය, තිසර පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලසිත් මාලිංග
බංග්ලාදේශ සංචිතය:
මෂ්රාෆි මොර්ටාෂා (නායක), ශකීබ් අල් හසන්, අබු හීඩර්, අරිෆුල් හක්, ලින්ටන් දාස්, මහුමුදුල්ලා රියාඞ්, මෙහෙදි හසන්, මොහොමඞ් මිතුන්, මොසදික් හසන්, මුෂ්ෆිකුර් රහීම්, මුස්ටෆිෂුර් රහීම්, නෂ්මුල් හොසේන් ශන්ටො, නෂ්මුල් ස්ලාම්, රුබෙල් හුසේන්, තමීම් ඉක්බාල්