FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් පුහුණුකරුවෙක්..!!!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ නුවන් සෙනෙවිරත්න මහතා ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහාය පුහුණුකරුවා වශයෙන් පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.
ඒ අනුව මෙම මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට එංගලන්තයේදී පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා වසරක කාලයක් ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ සහාය පුහුණුකරුවා වශයෙන් ඔහු කටයුතු කිරීමට නියමීත බවත් පැවසේ.
38 වැනි වියේ පසුවන නුවන් සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග 02 කට ක්‍රීඩා කර ඇති අතර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ සහාය පුහුණුකරුවා වශයෙන් ද කටයුතු කර ඇති බව කියැවේ