මෙවර ශක්තිමත්ම කණ්ඩායම හා ශ්‍රී ලංකාව ගැන අෂ්රාෆුල් මාධ්‍යට කියයි..

මෙවර ශක්තිමත්ම කණ්ඩායම හා ශ්‍රී ලංකාව ගැන අෂ්රාෆුල් මාධ්‍යට කියයි..

මෙවර අසියානු කුසලාන තරගාවලිය තුළ පාකිස්ථානය ශක්තිමත්ම කණ්ඩායම වන බව බංග්ලාදේශ හිටපු නායක මොහොමඩ් අෂ්රාෆුල් ,බංග්ලාදේශ ජාතික ක්‍රිකට් ලීග් තරගාවලියේ පුහුණූ විම් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ඊයේ (12) මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
“අසියානු කුසලානයට එන හැම කණ්ඩායමක්ම ශක්තිමත්, ඕනෑම කණ්ඩායමකට ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ පාකිස්ථානය ගොඩක් ශක්තිමත් මෙම තරගාවලිය තුළ, මොකද එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේම තැනක්.ඔවුන් මෙහි තත්වය යටතේ දිර්ඝ කාලයක් ක්‍රීඩා කර තිබෙනවා, මම හිතනවා ඔවුන්ට තරම මෙහි තත්වය හුරුපුරුදු කවුරුත් නෑ,එ නිසා ඔවුන් අසියානු කුසලානයේ ශක්තිමත්ම තරග කරුවෙක්”
එසේම තරගාවලිය ආරම්භ කරමීන් ලබන 15 වැනිදා පැවැත්විමට නියමීත ශ්‍රී ලංකා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගය පිළිබඳවද අෂ්රාෆුල් මෙහිදි අදහස් දක්වා ඇත.
“බංග්ලාදේශයට පළමු තරගය බොහෝම වැදගත් තරගයක්, ශ්‍රී ලංකාව පරාජය කර තරගාවලියට ප්‍රවේශ විම ඔවුන්ට වාසියක්,එහෙම වුනොත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පහසුවෙන් පරාජය කිරිමට ඔවුට හොද තත්වයක් ගොඩ නැගෙනවා”