හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ දිනවල ඉන්දියාවේ නිළ සංචාරයක නිරත වෙයි.
මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් මෙහිදී පැවැත්වූ අතර ඒ අවස්ථාවේ ඡායාරූප පෙළක් තම ට්විටර් ගිණුම ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පළකර තිබුණි.
එම ඡායාරූපවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පෙනී සිටියහ.













