බංග්ලාදේශය වෙනුවෙන් තමාගේ කැපවිම වෙල්ලවරායන් කියයි..

බංග්ලාදේශය වෙනුවෙන් තමාගේ කැපවිම වෙල්ලවරායන් කියයි..

එළැඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව තවදුරටත් වර්ධනය කිරීමට දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව මාරියෝ වෙල්ලවරායන් පවසයි.
ශ්‍රී ලංකා හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කරන වෙල්ලවරායන් ඩුබායි ක්‍රීඩා නගරයේ පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ඇකඩමියේ පැවැත්වුණු පුහුණු සැසියක් අතර තුර මාධ්‍ය වෙත මෙ බව පවසා ඇත.
“පසුගිය වසර 4ක කාලයට සාපේක්ෂව අපි දැන් ගොඩක් තරගවලට සහභාගි වෙනවා. නමුත් අපිට ඉන්දියාව, එංගලන්තය වැනි රටවල්වලට ලැබෙන තරම් ලැබෙන්නෙ නැහැ වගේම ලැබෙන දෙයින් අපි උපරිමය කරන්න ඕන. එහෙම වෙන්න නම් ක්‍රීඩකයො අපි කියන දේ හොඳින් තේරුම් ගන්න ඕනා.
ඒ වගේම පසුගිය වසර 4 තුළදි බංග්ලාදේශ ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාව අතින් නිවැරදි මාර්ගයේ ගමන් කරනවා. මගේ ක්‍රිකට් පසුබිමත් එක්ක මම ක්‍රීඩකයන්ගෙ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ විතරක් නෙමෙයි පන්දු යවන්නන්ට වගේම පන්දු රැකීමේ ආදී අංශවලිනුත් මම ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කරන්න කටයුතු කරනවා”