FAST NEWS

24×7 Around the Globe

ලොව පුරාම ව්‍යාප්ත වන පිළිකාව..

මේ වන විට ලෝකය පුරාම පිළිකා රෝගීන් මිලියන 18.1 ක් අළුතින් හඳුනාගෙන ඇතැයි පිළිකා සම්බන්ධ පර්යේෂණ කරන ජාත්‍යන්තර සංවිධානයක් සදහන් කරයි.
2012 වර්ෂයේ මිලියන 14.1 ක් රෝගීන් වාර්තා වී ඇති අතර එයින් මිලියන 8.1 ක් මියගොස් ඇති බව ද එම සංවිධානය නිකුත් කළ වාර්තාවල සදහන්ව ඇත.
මෙම වාර්තා පෙන්නුම් කරන්නේ සෑම පුරුෂයන් පස් දෙනකුගෙන් එක් අයෙකුටම හා සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුටම පිළිකාව වැළඳීමට ඉඩ ඇති බවයි.
ධනවත් රටවල්වල පිළිකා අවධානම වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත් මෙය ජීවන රටාව හා බැඳී පවතින රෝගයක් බවත් ඔවුන් පවසයි.
මේ අතරින් පෙනහළු පිළිකා, කාන්තාවන්ගේ පියයුරු පිළිකා සහ අන්ත්‍ර පිළිකා බහුල බවද දැක්වේ.
රෝගීන් වැඩිපුරම වාර්තා වන්නේ ඇමරිකාව, හංගේරියාව, ඩෙන්මාර්කය, චීනය සහ නවසීලන්තය යන රටවල් වලයි. පිළිකා සඳහා එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ දුම්කොළ භාවිතය බව ද පර්යේෂකයෝ සඳහන් කරති.
කෙසේ වුවද මෙම වර්ෂයේ සිදුවූ මරණ වලින් හා රෝගීන් වාර්තාවීම් සම්බන්ධයෙන් ආසියාව ඉදිරියෙන් සිටින බවද එම වාර්තාවල වැඩිදුරටත් සදහන්කර ඇත.