FAST NEWS

24×7 Around the Globe

සිංහරාජයේ සිටි සුදු ගෝනා ඝාතනය කළ සැකකරුවන් සොයා පරීක්ෂණ..

දැඩි ආරක්‍ෂිත ක්‍ෂීරපායී සත්ත්වයෙකු ලෙස නම් කර ඇති සිංහරාජ රක්‍ෂිතයේ වාසය කළ සුදු ගෝනෙකු ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
දැඩි ආරක්‍ෂිත ක්‍ෂීරපායී සත්ත්වයෙකු ලෙස නම් කර තිබෙන මෙම ගෝනාට තුවාල සිදු කිරීම හා ඝාතනය කිරීම දඬුවම් ලැබෙන වරදක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඝාතනයට ලක්වූ ගෝනාගේ ශරීරය තුළ උණ්ඩ තිබුණොත් එම උණ්ඩ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද වාර්තා වෙයි.
මේ හේතුවෙන් රත්නපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරීක්‍ෂණයට නියෝගයක් ලබාගත් බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.