FAST NEWS

24×7 Around the Globe

ජනපති නිසා ශ්‍රී ලංකන් කජු දීම අත්හිටුවයි..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කජු ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම ගුවන් සේවයේ ආරංචි මාර්ග පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා එම කජු ‘බල්ලෙකුටවත්’ ආහාරයට ගැනීමට නොහැකි බව මහජන හමුවකදි පැවැසීමට ප්‍රතිචාර වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවද පැවසේ.
ඒ අනුව කජු තොග ඉවත් කරන ලෙසත් ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කජු ලබාදුන් ඩුබායි සැපයුම්කරුවන් වෙනස් කිරීමටත් සමාගම කටයුතු කර ඇති බව පැවසේ.