FAST NEWS

24×7 Around the Globe

දුම්වැටි අලෙවිය අඩුවීමෙන් රජයට කෝටි 1800 ක් පාඩුවෙයි..

දුම්වැටි අලෙවිය අඩුවීමෙන් බදු ආදායමද රුපියල් කෝටි 1800 කින් පමණ අඩුවී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේය.
ඒ ඊයේ (11) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.
දුම්වැටි සඳහා දිගින් දිගටම නීති පැනවීම හමුවේ දුම්වැටි අලෙවිය විශාල වශයෙන් අඩුවී ඇති බවත් එය බදු ආදායමටද දැඩිව බලපා ඇති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.
ඔහු මේ පිළිබදව අදහස් දක්වා සිටියේ සිගරට් තනි තනි වශයෙන් අලෙවි කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි.
මංගල සමරවීර මහතා මෙම යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළකරමින් අදහස් දක්වා ඇති බවද වාර්තා වේ.