FAST NEWS

24×7 Around the Globe

පළමු සැලසුම හා මාලිංග ගැන හතුරු පිට විමට පෙර කියයි..

මෙවර අසියානු තරගාවලියේ දෙවැනි වටයට යන්න නම් පළමු තරග දෙක ජය ගත යුතු බව ,එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 15 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්ව යෑමට පෙර ඊයේ (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමීන් ,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරු චන්දික හතුරසිංහ මහතා අවධාරණය කළේය.
“බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් දෙකම ගොඩක් භයානක කණ්ඩායම්. ඒ නිසා තමයි අපි කණ්ඩායම තෝරන විට අත්දැකීම් පිළිබඳව අවධානය යොමු කළේ. දෙවැනි වටයට යන්න නම් පළමු තරග දෙක ජයගන්න ඕනේ”
“එහි පරිසරක තත්ත්වය අනුව සෑම කණ්ඩායමක්ම අභියෝගයක්. එක්සත් ආරාබිහි දැඩි උෂ්ණත්වයක් පවතිනවා. ඒ වගේම පන්දුව දෝලනය වීම, රාත්‍රීයේදී පින්න වගේ දේවල් අභියෝග වෙන්න පුළුවන්”
“අපේ පුහුණුවීම් පිළිබඳව ගොඩක් සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ අවසන් පුහුණු සැසි තුන පළමු වටයේ තරග දෙකේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙක ඉල්ලක කරමින් පැවැත්වුවා”
හතුරුසිංහ මහතා ලසිත් මාලිංග සංචිතයට ඇතුළත්ව සිටීම පිළිබඳව මාධ්‍යවෙදීන් කළ විමසුමේදී මෙසේ අදහස් දැක්වීය.
“මාලිංග ලෝක ක්‍රිකට් පිටියේ ඉතාමත් හොඳ පන්දු යවන්නෙක්. පසුගිය මාස එකාහමාරක පමණ කාලයේ ඔහු දස්කම් දැක්වුවා. ඒත් සමඟම ඔහුගේ ශාරීරික යෝග්‍යතාවත් ඉහළට ආවා”