හිරුණිකාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරියි..

හිරුණිකාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරියි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කළේය.
පසුගිය 2015 වසරේ දෙසැම්බර් මාසයේදී දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක සේවය කළ තරුණයකු පැහැර ගෙන ගොස් සිරකර තැබූ බවට ඇයට එල්ල වී තිබෙන චෝදනාවයි.
මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් සදහන් කර ඇත්තේ එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා ඇරැයුම් ලැබී ඇති බැවින් ඊට සහභාගි වීම සදහා ඇයගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා දැනට අධිකරණය භාරයේ පවතින විත්තිකාරියගේ විදේශ ගමන් බලපත්‍රය ඔක්තෝබර් මස 10 වැනිදා තෙක් මුදාහරින ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.
මන්ත්‍රීවරියට එරෙහිව මෙම නඩුව ගොනුකරනු ලැබුවේ නීතිපතිවරයා විසිනි.