FAST NEWS

24×7 Around the Globe

ඉන්දීයාව පරදා එංගලන්තය 4-1 ක තරගාවලි ජයක් ලබයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (11) සමත්විය.
කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 118 කින් ජය ගනිමීන් එංගලන්ත කණ්ඩායම මෙම දක්ෂතාවය දැක්විමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායම සිය සිව්වැනි ඉනිමේදි ලකුණූ 464 ක් ලබා ගැනිමට අවශ්‍ය තිබුණද ඔවුන්ට ලබා ගැනිමට හැකි වුයේ සියළු දෙනා දැවි ලකුණූ 345 ක් පමණි.
එංගලන්ත පළමු ඉනිම – 332/10
ඉන්දීය පළමු ඉනිම – 292/10
එංගලන්තය දෙවැනි ඉනිම – 423/08
ඉන්දියාව දෙවැනි ඉනිම – 345/10