වඳවී යාමේ තර්ජනයට ලක්වූ දැවැන්ත මිණි මිතු මෝරෙකුගේ දිවි බේරයි..
කිලෝග්‍රෑම් 9000 ක් පමණ බරකින් යුත් දැවැන්ත මිණි මුතු මොරෙකුගේ දිවි බේරාගැනීමට නාවික හමුදා නිලධාරීන් පිරිසක් සමත්ව ඇත.
මෙම දැවැන්ත මිණි මුතු මෝරා ගොඩ ගසා තිබෙන්නේ මුලතිව්, අලම්පිල් මුහුදු වෙරළ තීරයටයි.
නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් විසින් මෙම මත්ස්‍යයා බේරාගෙන ඇති අතර මෙම මත්ස්‍ය විශේෂයට වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින සත්ව විශේෂයක් බවත් සදහන් වේ.
මුහුදේ සැඩ පහරට ලක්ව ගසාගෙන වෙරළට පැමිණ සිටි මෙම මත්ස්‍යයා නාවික හමුදා නිලධාරීන් විසින් නාවික යාත්‍රා උපයෝගී කරගෙන නාවික සැතපුම් 03 ක් පමණ ගැඹුරු මුහුදට ඇදගෙන ගොස් නිදහස් කර ඇත.
මෙම මිණිමුතු මෝරා මෝර පවුලේ විශාලතම වර්ගයට අයත් විශේෂයකි.
මේ මෝරා මීටර් 09 ක පමණ දිගකින් යුක්ත වන අතර අවුරුදු 70ත් 100ත් අතර කාලයක් ආයු කාලය ගතකරන බවත් සදහන් වේ.