FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රිකා නෙරපන්න මධ්‍යම කාරක සභාව කැඳවන්න ඉල්ලීමක්.

තතම පක්ෂයේ අනුශාසකවරිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයෙන් නෙරපා දැමීමට වහා මධ්‍යම කාරක සභාව කැඳවන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ඊයේ (13දා) ලිපියක් යවා ඇත.

තම පක්ෂයේ අනුශාසකවරිය දිගින් දිගටම පක්ෂය පරාජය කිරීමේ අරමුණින් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා එම ලිපියෙන් පක්ෂයේ මහ ලේකම්වරයාට පවසා ඇති අතර හිටපු ජනාධිපතිවරිය කොලොන්න ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව අමතමින් තම පක්ෂයේ අත ලකුණට හෝ බුලත් කොළයට නොව සතකුගේ ලකුණට ඡන්දය ලබාදෙන ලෙස පවසමින් එක්සත් ජාතික පක්ෂය දිනවීමට සහාය ලබාදී තම පක්ෂය පරාජය කිරීමේ අරමුණින් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බැවින් එවැනි අනුශාසකවරියක් පක්ෂයේ තබා නොගෙන නෙරපා හරින ලෙසද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මහ ලේකම්වරයාවෙත යැව් ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.