FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන්ගේ නඩුව වාර්තා කිරීම මාධ්‍යට තහනම් කරයි..

සතොස මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවතින නඩුව අද (11) සිට විභාගයට ගැනීමට නියමිතය.
කුරුණෑගල මහාධිකරණයේ දී මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත අතර එය වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අධිකරණ සංකීර්ණයට පමණක් නොව අධිකරණ භූමියටත් පැමිණීම වළක්වමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝගයක් පනවා ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබෙන අතර ඊට හේතුවක් නොදන්නා බව පොලිසිය විසින් දැනුම් දී ඇත.