FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථාන විස්සයි-20 ලීගයට ශ්‍රී ලංකාවෙන් එක් තරුවයි..

ඔක්තොම්බර් 05 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්විමට නියමීත 2018 ඇෆ්ගනිස්ථාන විස්සයි – 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාව, ක්‍රීඩක වෙන්දෙසියෙදි “Paktia” කණ්ඩායම විසින් මීලදි ගෙන තිබේ.
පාකිස්ථාන හිටපු තුන් ඉරියව් ක්‍රීඩක සහිඩ් අෆ්රීඩී, දකුණූ අප්‍රිකා ක්‍රීඩක කැමරන් ඩෙල්පොර්ට්, කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ජොර්ඩන්,එංගලන්ත ක්‍රීඩක ලුක් රයිට් යන ක්‍රීඩකයින්ද “Paktia” කණ්ඩායම නියෝජනය කිරිමට නියමීතය.
මෙහිදි එම කණ්ඩායම සහීඩ් අෆ්රීඩීව ඇමෙරිකානු ඩොලර් 100,000 මුදලකට මීලදී ගෙන ඇති අතර තිසර පෙරේරාට ඇමෙරිකානු ඩොලර් 75,000 ක වටිනාකමක් හිමීව තිබේ.
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05 ක් දවස් 17 ක් පුරා තරග 23 ක් සඳහා තරග වැදිමට නියමීතය.
එසේම මෙම තරගාවලිය සඳහා ක්‍රිස් ගෙල්,ලුක් රොන්චි,බෙන්ඩන් මැකලම්,ඇන්ඩ්‍රි රසල් ආදී විදෙස් ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කිරිමට නියමීතය.
කණ්ඩායම් හා ක්‍රීඩකයින්..