ලෝක ප්‍රසිද්ධ සමාගමක් වන ”අලිබබා” හි විධායක සභාපති ජැක් මා 2019 වසරේදී තමන් තනතුරන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කර ඇත.
මේ වන විට චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජැක් මා ගෙන් පසුව එම තනතුර එහි ප්‍රධාන විධායක ඩැනියල් සෑන් වෙත පිරිනැමීමට නියමිත බවත් වාර්තා වෙයි.
අලිබබා සමාගම ලොව වඩාත් වටිනා සමාගම් අතර ඇති සමාගමක් වන අතර 2017 ට සාපෙක්ෂව එහි කොටස්වල වෙළෙඳ අගය 2018 දී දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.
1999 දී අලිබබා සමාගම ආරම්භ කිරීමට පෙර ජැක් මා ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති අතර අලිබබා ආයතනය තුළ ඔහු තවදුරටත් කොටස්කරුවකු ලෙස කටයුතු කරන අතරතුර නැවත අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ වන බව ජැක් මා ප්‍රකාශ කර ඇත.









