FAST NEWS

24×7 Around the Globe

සංගා ලාරාගෙන් උදුරාගත් වාර්තාව කුක් සංගාගෙන් ගනියි..

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇලසේටෙයාර් කුක් වමත් ටෙස්ට් පිතිකරුවන් අතර වැඩිම ලකුණූ ලාභීයා බවට පත් වීමට, සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන 05 වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදි සමත් විය.
මීන් පෙර ටෙස්ට් ලකුණු 12,400 ක් රැස්කරගත් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර ටෙස්ට් වමත් පිතිකරුවන් අතර පෙරමුණ ගැනිමට සමත් වු අතර,මේ අනුව එම ස්ථානය දිනා ගැනිමට ටෙස්ට් ලකුණු 12,472 ක් ලබා ගනිමීන් සිය ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අද (11) දිනයේ සමුදීමට නියමීත ඇලෙස්ටයාර් කුක් සමත් විය.
කුමාර් සංගක්කාරට ප්‍රථමයෙන් ටෙස්ට් ලකුණූ 11953 ක් රැස් කරගත් හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා වමත් ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසුවු අතර ඒ අනුව ඔහු දැන් තෙවන ස්ථානයට පත්ව තිබේ.බ
එසේම ඔහු වැඩිම ටෙස්ට් ලකුණූ ලාභීන් අතර 05 වැන්නා වීමටද හෙතෙම සමත් විය.
සිය අවසන් ටෙස්ට් තරගයේ අවසන් ඉනිම ක්‍රීඩා කළ ඇලෙස්ටයාර් කුක් ඊයේ (10) දිනයේදි ඉන්දීයාවට එරෙහිව අගනා ශතකයක් සහිතව ලකුණු 147 ක් රැස් කිරිමට සමත් විය.