FAST NEWS

24×7 Around the Globe

චන්දිමාල් ඉවතට දික්වැල්ල ඇතුලට..

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඇගිල්ලේ ආබාධයකට ලක්වූ දිනේ්ෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම තත්වය මත ඔහුට තවදුරටත් විවේකය අවශ්‍ය බවට වෛද්‍ය නිර්දේශනය අනුව චන්දිමාල් ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කළ බව පැවසේ.
ඒ අනුව ඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.
තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (11) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා දිවයිනෙන්  පිටත්ව යෑමට නියමිතය.