FAST NEWS

24×7 Around the Globe

සෙරීනා විලියම්ස්ට ඩොලර් 17000 ක දඩයක්..

අැමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසාන තරගයේදී කළහකාරීව හැසිරීමේ චෝදනාව මත ක්‍රීඩක ආචාර ධර්ම කඩ කිරීමේ චෝදනාවට ,ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ට ඩොලර් 17000 ක දඩ මුදලක් පනවා ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.
මෙහිදී ප්‍රතිවාදී ක්‍රීඩිකා ජපාන ජාතික නයෝමි ඔසාකා විසින් අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනාගත් අතර පරාජය හමුවේ විනිසුරුවරයාට පරුෂ වචනයෙන් බැණ වැදුණු බවට සෙරීනා විලියම්ස්ට චෝදනා එල්ල විය‍
සෙරීනා විලියම්ස් මේ වනවිට දිනා ඇති මුලු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාව 23 ක් වන අතර ,එහි ලෝක වාර්තාවට හිමිකම් කියන ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා මාග්‍රට් කෝට් දිනා ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ගණන 24 කි.
එ අනුව එම වාර්තාව සමකිරීමට සෙරීනා විලියම්ස්ට අවශ්‍යව පැවතියේ තවත් එක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයක් දිනාගැනීම පමණි.