යුද හමුදාවේ නිවුන් සහෝදරයින් දෙදෙනෙක් එකම දිනයක මේජර් ජනරාල්ධුරයට..

යුද හමුදාවේ නිවුන් සහෝදරයින් දෙදෙනෙක් එකම දිනයක මේජර් ජනරාල්ධුරයට..

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු නිවුන් සහෝදරයින් දෙදෙනෙක් එකම දිනයකදී මේජර් ජනරාල්ධූරයට උසස් කර ඇති සුවිශේෂී පුවතක් වාර්තා වෙයි.
පසුගියදා (06) මෙසේ උසස්වීම් ලබා ඇත්තේ පුරක සෙනෙවිරත්න හා ජයන්ත සෙනෙවිරත්න යන නිවුන් සහෝදරයින්ය.
මේ දෙදෙනාගේ 53 වැනි ජන්ම දිනය යෙදුණු දිනයේදීම මෙසේ උසස්වීම් ලැබීමද විශේෂ සිද්ධියකි.නිවුන් සොහොයුරන් දෙදෙනකු එකම දිනයේ යුද හමුදාවට බැඳී එකම දිනයක මේජර් ජනරාල්වරුන් වශයෙන් උසස් වීම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මෙම සොහොයුරන් දෙදෙනා ලුතිනන්, කපිතාන්, මේජර් සහ ලුතිනන් කර්නල් යන නිලවලට එකම දිනයේ උසස්වීම් ලබා ඇත. පසුව ජයන්ත සෙනවිරත්න කරනල් සහ බ්‍රිගේඩියර් තනතුරුවලට උසස්වීම් ලැබුවද සංඥා බලකායේ පුරප්පාඩු නොමැතිවීම හේතුවෙන් සුදුසුකම් සපුරා තිබුණද පූරකට මෙම තනතුරුවලට උසස්වීම් ලැබීමේදී ප්‍රමාදයක් සිදුවී ඇත. මෙම උසස්වීම්වලින් පසු නිවුන් සොහොයුරන්ට යළිත් එකවර උසස්වීම් ලැබීමට පසුගිය 06 වැනිදා වාසනාව හිමිවූ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ නිර්දේශය ජනාධිපතිවරයා වෙත යොමුකිරීමෙන් පසු දෙදෙනාම එකම දිනයකදී මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබූහ.
D.Undugoda