FAST NEWS

24×7 Around the Globe

වසරේ පළමු අර්ධය තුළදී කොළඹ වරාය මුල් තැනට..

2018 වසරේ පළමු අර්ධය තුළ ලොව ප්‍රධාන බහලූ මෙහෙයුම් වරාය 30 ක වර්ධන අනුපාතය අනුව ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමට කොළඹ වරාය සමත් වී ඇති බව වරාය අධිකාරිය සඳහන් කරයි.
ලොව ප්‍රධාන පෙළේ වරායන් වන යුරෝපීය, මැදපෙරදිග සහ ආසියානු වරායන් අභිබවා කොළඹ වරාය විසින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීම සුවිශේෂත්වයක් බවත් එම අධිකාරිය සදහන් කරයි.
කොළඹ වරාය වසරේ පළමු අර්ධයේදී 15.6 % ක වර්ධනයක් අත් කරගෙන ඇති අතර මෙතෙක් ප්‍රමුඛස්ථානයේ පසු වූ සිංගප්පූරු වරාය හිමි කරගෙන ඇත්තේ 11.6 % ක වර්ධනයක්.