FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා සංචාරයෙන් බෝඩ් ඉවතට – 14 ක සංචිතයක් එලියට එයි..!!!

ඔක්තොම්බර් මාසයේ නියමීතව ඇති ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්තය සිය ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බෝඩ් එක් කර නොගැනිමට අපෙක්ෂාවෙන් පසුවන බව, එරට ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයෙක් වන telegraph.co.uk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
තරඟ 03 කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණයන්හි තණතිලි දඟ පන්දු යවන්නන්ට බෙහෙවින් හිතකර හෙයින් එරට ක්‍රිකට් තේරිම් කමීටුව මෙම තීරණය ගනු ඇති බවද එමගින් වාර්තා වී ඇත.
ඒ අනුව බොහෝ දුරට මොයින් අලී, ආදීල් රෂිඩ්, ජැක් ලෙස්ච් හා ඩොම් බේස් යන දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා සංචාරය සඳහා එක් කර ගැනිමට එංගලන්ත තේරිම් කමීටුව අවධානය යොමු කර ඇති බව එම වෙබි අඩවිය වාර්තා කර තිබේ.
ස්ටුවර්ට් බෝඩ්ට ටෙස්ට් වරම් දිනාගත් දින සිට වසර 11 ක කාලයක් අඛණ්ඩව කණ්ඩායම නියෝජනය කර තිබේ.
එසේම එරට ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග මත ලබන මස නියමීත මෙරට තරග සංචාරයට එක්විය හැකි යැයි පැවසෙන නිල නොවන එංගලන්ත සංචිතයද එම වෙබි අඩවිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
එක්විය හැකි සංචිතය.
කීටන් ජෙනිංස් ,රොරි බර්න්ස්,ජෝ ඩෙනී,ජෝ රූට්,ජොනි බ්‍රිස්ට්‍රොව්,ජොස් බට්ලර්,ඔලී පුප්,මොයින් අලී, ක්‍රිස් වොකර්ස්,සැම් කරන්, ආදීල් රෂිඩ්, ජැක් ලෙස්ච්,ඩොම් බේස්, ජේම්ස් ඇන්ඩර්සන්