අද (10) පෙරවරුවේ ප්‍රංශයේ පැරිස් නුවර ඇල මාර්ගයක් අසලදී ඇෆ්ගන් ජාතිකයෙකු විසින් පුද්ගලයන් 07 දෙනෙකුට පිහි ප්‍රහාර එල්ල කර ඇත.
මෙම පිහි ප්‍රහාර වලින් පුද්ගලයන් 04 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුකළ ඇෆ්ගන් ජාතිකයා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු සතුව යකඩ පොල්ලක් ද තිබී හමු වූ බව පොලිසිය පවසයි.
මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න පිළිබදව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබයි.












