2018 ආසියානු දැල් පන්දු තරඟාවලියේ 05 වන වරටත් ශුරතාව හිමිකර ගැනීමට ශ්රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද (09) සමත් විය.
ඒ සිංගප්පූරුවේ පැවැති අවසන් මහ තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 69-50 ලෙස තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත්කරමින්.
මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියේ අපරාජිත වූ ශ්රී ලංකා පිළ එංගලන්තයේ ලිවර්පූල් හි ලබන වසරේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගත්තේය.











