FAST NEWS

24×7 Around the Globe

විරාත් කෝලිගෙන් බැංගලොර් නායකත්වය ගලවයි..

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩාය⁣මේ නායකත්වයෙන් ඉවත් කිරිමට ඉන්දීය ක්‍රිකට් ආයතනය හා එම කණ්ඩායම තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
එ අනුව කෝලිගේ නායකත්වය මෑතකදි ජාත්‍යන්තර පිටියෙන් සමුගත් එ.බී ඩිවිලියර්ස් වෙත ලබා දිමට අවධානය යොමුව ඇති බවත් පැවසේ.
2019 ලෝක කුසලාන එක්දින තරගාවලිය වෙනුවෙන් අබාධයකින් තොරව කෝලිව සුරකිම මෙහි අරමුණ බවත් පැවසේ.
එසේම ලෝක කුසලාන තරගාවලිය මැයි මාසයේ 30 වැනිදා ආරම්භ විමත්, මාර්තු 29 වැනිදා සිට මැයි මාසයේ 19 වැනිදා තෙක් පැවැත්විම හෙයින් කෝලිව මානසිකව හා කායිකව වෙහෙසට පත් නොකල යුතු බව එරට ක්‍රිකට් ආයතනයේ මතය වි ඇත.