FAST NEWS

24×7 Around the Globe

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හට නැවත වරක් කැබිනට් අමාත්‍ය ධූරය දීමට එකඟතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
යළි කැබිනට් අමාත්‍ය ධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇත.
මන්ත්‍රීවරයා ඉහත දැනුම් දීම කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාතයාංශයේදී පෙරේදා (05) පැවැත්විය.