FAST NEWS

24×7 Around the Globe

ලෝකය පුරා භූ කම්පන…

 

ලෝකයේ විවිධ ස්ථාන වලින් ඊයේ (06) දිනයේදී ප්‍රබල භූ කම්පන කිහිපයක් වාර්තා වී ඇත.
පැසිෆික් සාගරයේ ෆීජි දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7.8 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය මුහුදු පත්ලේ සැතපුම් 377 ක් පමණ ගැඹුරින් සිදුවීම නිසා ගොඩබිම ප්‍රබල හානියක් සිදුවී නොමැත.
දකුණු ඇමරිකානු ඉක්වදෝර් රාජ්‍යයේ රික්ටර් පරිමාණයේ 6. 3 ක භූ කම්පනයක් සිදුවූ අතර, එහිදී කුයිටෝ අගනුවර ගොඩනැගිලි සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ – හොකයිඩෝ දිවයිනට ඊයේ බලපෑ රික්ටර් පරිමාණයේ 6.6 ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම භූමි කම්පාවෙන් 26 දෙනෙකු අතුරුදන්වී ඇති අතර, නිවාස පනස් තුන් ලක්ෂයකට තවදුරටත් විදුලිය ඇණ හිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.