FAST NEWS

24×7 Around the Globe

පීඩාවට පත්වූවානම් සමාවන්න….නාමල්

ඊයේ (05) පැවති ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමන්ට විකල්පයක් නොතිබුණ බවත් මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බවට රජයට පෙන්වීමට හැකියාවක් ලැබුණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ ජනතාවට තම නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් සටන ඉදිරියට ගෙන යන බවයි.