FAST NEWS

24×7 Around the Globe

විකිරණ බලපෑමෙන් පුද්ගලයෙකු මරුට…

ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණවල බලපෑමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ෆුකූෂීමා බලාගාරයේ විකිරණවලට නිරාවරණය වීම හේතුවෙන් ඔහු පෙනහළු පිළිකාවකින් මියගොස් ඇති බව වාර්තාවේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ සේවය කළ 50 හැවිරිදි පුද්ගලයෙකි.
2011 වර්ෂයේදී ජපානයේ ඇතිවූ රිච්ටර් මාපකයේ ඒකක 9යි දශම බින්දුවක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් ෆුකුෂිමා බලාගාරයට දැඩි හානි සිදූ විය.
එය 1986 වර්ෂයෙන් පසු ලොව සිදුවූ විශාලතම න්යිෂ්ටික අනතුර ලෙසද සැලකේ.