FAST NEWS

24×7 Around the Globe

රුපියල් මිලියන 263 ක විසිතුරු මල් ලංකාවට..

මේ වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ රුපියල් මිලියන 263 ක මල් සහ මල් පැළ වර්ග ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අලුත් රෝස මල් හා පැළ ක්‍රිෂන්තම්ස් මල් (කැපූ නොකැපූ) හා පැළ සහ මල් පොහොට්ටු සහ ඕකිඩ් වර්ග බහුලව මෙරටට ආනයනය කර ඇත.
වැඩිම මල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ චීනය, ඉන්දියාව, තායිලන්ත්‍ය, ඇමෙරිකාව, මියන්මාරය, කෙන්යාව සහ නෙදර්ලන්තය වැනි රටවලින් බව වාර්තා වෙයි.